ඔක්ටේන් 92\95

උපුටා ගැනීමකි   (https://www.facebook.com/groups/Carindustrial/permalink/1092533364241873/)

පෙට්රල් වාහන වල ඉන්ධන ලෙස භාවිතා කරන පෙට්රල් වල මූලික අන්තර්ගතය වන්නේ ඔක්ටේන් (Octane ) නැමති හයිඩ්රෝ කාබනයයි (C8H18). මෙහි සමාවයවික 18 ක් පමන ඇති අතර Iso-octane සමාවයවිකය (2,2,4-Trimethylpentane) දහන කාර්යක්ෂමතාව ඉතාම වැඩි සමාවයවිකයයි. මීට අමතරව පෙට්රල් වල පෙන්ටේන් (C5H12), හෙක්සේන් (C6H14) සහ හෙප්ටේන් (C7H16) යන හයිඩ්රෝකාබන ද සුළු වශයෙන් අඩංගු විය හැක.

රථවාහන සඳහා නිකුත් කරන ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 යන වර්ග වල පෙට්රල් වල වෙනස වන්නේ ඔක්ටේන් 92පෙට්රල් වල අන්තර්ගතය 92% ක් ඔක්ටේන් වන අතර ඉතිරි 08% ක පමන පෙන්ටේන්, හෙක්සේන් හා හෙප්ටේන් වැනි වෙනත් හයිඩ්රෝකාබන අඩංගු වෙයි. නමුත් ඔක්ටේන් 95 පෙට්රල් වල 95% ම ඔක්ටේන් වන අතර වෙනත් හයිඩ්රෝකාබන ඇත්තේ 5% ක් පමන සුළු ප්රමානයකි. එබැවින් සම පරිමාවක් දහනය කල විට ඔක්ටේන් 92 පෙට්රල් වලට වඩා ඔක්ටේන් 95 පෙට්රල් වලින් වැඩි තාප ශක්තියක් ලබාදෙයි. එබැවින් ඔක්ටේන් 95 පෙට්රල් යෙදූ විට වාහනයක ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිය.

වාහන වල පෙට්රල් දහනය වීමේදී ඇතිවන ගැස්ම වැලැක්වීමට "Antiknock agent" පෙට්රල් වලට මිශ්ර කරයි. මෑතක් වන තුරු මේ සඳහා ඊයම් භාවිතා කල අතර එමගින් වන පාරිසරික හානිය නිසා දැන් ඊයම් මිශ්ර නොකරන අතර මේ සඳහා ඇල්කොහොල, ඊතර හෝ ඇරෝමැටික හයිඩ්රෝකාබනයක් (එනම් ඒකජ හා ද්විත්ව භන්ධන දෙකම සහිත කාබන් පරමාණු ඇති හයිඩ්රෝකාබන ) භාවිතා කරයි. එමගින් පෙට්රල් වල ඇති වහා ගිනිගන්නාසුළු බව පාලනය කරයි. නැතහොත් වාහන වල එන්ජින් තුලදී අනවශ්ය අවස්ථා වලත් පෙට්රල් දහනය වී එන්ජිමේ ක්රියාකාරීත්වය අඩාල කරයි. සාමාන්යයෙන් පෙට්රල් අවර්ණ වන අතර හඳුනාගැනීම සඳහා වර්ණකයක් භාවිතා කරයි. එමෙන්ම පෙට්රල් වල කිසිම අවක්ෂේපයක් සිදුවන්නේද නැත.


ඉන්ධන ලෙස භාවිතා කරන පෙට්රල් වල ඉහත සඳහන් කල ද්රව්ය වලට අමතරව වෙනත් අපද්රව්ය අඩංගු ඉතාමත් අල්ප වශයෙනි. සාමාන්යයෙන් පෙට්රල් වල අපද්රව්ය අල්ප නිසා පෙට්රල් වාහන වල පෙට්රල් පෙරනයක් භාවිතා නොවන අතර පෙට්රල් පෙරනයක් තිබුනත් එය ඩීසල් වාහන වල ඇති ඩීසල් පෙරනය මෙන් කාර්යක්ෂම එකක් නොවේ. එබැවින් පෙට්රල් වල පමනට වඩා අපද්රව්ය තිබුන හොත් වාහනයේ කොටස් වලට නිතැතින්ම හානි ගෙනදේ.

අපිරිසිදු පෙට්රල් නිසා වාහන, පන නොගැන්වීම, පනගැන්වීමට අපහසු වීම, පනගැන්වුනත් එන්ජිම මද වේගයේ (Idle) ධාවනය නොවීම, එන්ජිම වේගයෙන් ක්රියා නොකිරීම, එන්ජිමේ ශබ්දය වෙනස් වීම, එන්ජිමෙන් ලැබෙන බලය අඩු වීම, එන්ජිම අසාමාන්ය ලෙස ගැස්සීම, අධික ලෙස ඉන්ධන පරිභෝජනය කිරීම වැනි හානිදායක තත්වයන් ඇතිවිය හැකියි.

ඔබේ වාහනයටත් අපිරිසිදු පෙට්රල් ඇතුළු වී ඇත්නම් සහ ඉහත ලක්ෂණ ඇත්නම් වාහනය තවදුරටත් ධාවනය නොකරන්න. වාහනයේ ඉන්ධන ටැංකියේ ඇති සියළුම ඉන්ධන ඉවත් කර (මේ සඳහා ඉන්ධන ටැංකිය යට කරාමයක් ඇත ) පිරිසිදු පෙට්රල් බව තහවුරු කරගත් පෙට්රල් නැවත දමා කලත්තා එම පෙට්රල් ද සම්පූර්ණයෙන් ඉවත් කර නැවත පිරිසිදු පෙට්රල් වලින් ටැංකිය පුරවන්න. මෙහිදී ඔක්ටේන් 95 පෙට්රල් භාවිත කල හැකි නම් ඉතාම හොඳය. ඉන්ධන ටැංකියද ගලවා පිරිසිදු කල හැකි ද නම් තවත් හොඳය. වායු පෙරනය ද ඉතා හොඳින් පිරිසිදු කරන්න, නැතහොත් අලුතෙන් යොදන්න. පෙට්රල් පෙරනය ද පිරිසිදු කරන්න නැත්නම් අලුතෙන් යොදන්න. දැන් වාහනය පනගන්වා එන්ජිමට සාමාන්ය වේගයෙන් (Idle) ටික වේලාවක් ධානවන වන්නට සලස්වන්න. පසුව කිලෝමීටර 50 ක් පමන ධාවනය කර එන්ජිමේ ක්රියාකාරීතවය යථා තත්වයට පත්ව ඇත්දැයි බලන්න.

තවදුරටත් එන්ජිම අසාමාන්ය ගැස්සීම් පනගැන්වීමේ අපහසු තා, ශබ්දයේ වෙනස්කම් වැනි ලක්ෂණ ඇත්නම් වාහනය වහාම පළපුරුදු දක්ෂ කාර්මිකයෙකු ලවා කාබියුරේටර් සේවාවක් (කාබියුරේටරයක් සහිත වාහනයක් නම්) හෝඅ EFI සේවාවක් (EFI සහිත වාහනයක් නම්) සිදුකරගන්න. නැවත පෙට්රල් යෙදීමේදී ද පෙට්රල් වල පිරිසිදු බව ගැන සැලකිලිමත් වන්න.

Comments

Popular Posts