වැල්දොඩම්

උපුටා ගැනීමකි
(https://www.facebook.com/groups/1010358815683325/permalink/1817406748311857/)

ප්‍රෙශර් නැති ෆැෂනබල් ජීවිතයක්...
අරුණෝදය හිතවතුනි සුභ දවසක් වේවා ,ඉතිං අද මං ෆැෂන් ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා .අපි කවුරුත් ලස්සනට ජීවත් වෙන්න කැමතියි,දැන් කාලේ ඉන්න කවුරුත් ඉතින් ෆැෂනබල් ලයිෆ් එකකට කැමතියි නේ? උදිත අද මොකද වෙලා තියෙන්නේ ?මේක කෘෂිකාර්මික සමූහයක් මේකට අමු කැවිලද ?දැන් ඉතින් ඔයාලට ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඇති .හැබැයි මං එකක් කියන්නම් .fashionable lifestyle එකක් ගත කරන්නනම් අනිවාර්යෙන්ම ප්‍රෙශර් නැති ජීවිතය තියෙන්න ඕනෙ.
ඒ වගේ ම තමයි මේ ෆැෂනබල් free style එකට ජීවත් වෙන්න නම් ප්‍රෙශර් විතරක් නෙමේ ,ස්ට්‍රෙස් එක නැතිව නින්ද නොයාම, ඉක්මනින් කේන්ති යාම, මානසික අතෘප්තිකර ස්වභාවය (Anxiety) සහ මානසික බිඳවැටීම (Depression) වගේ අංගත් අපේ life එකෙන් delete වෙන්න ඕනෙ.
දැන් මේ ඔක්කොම මං කතා කරපු අලුත් ස්ටයිල් අලුත් පරම්පරාවට විතරයි තියෙන්නෙ කියලා තරුණ තරුණියන් හිතනවා ඇති....ඔන්න ඔයාලට වැරදිච්ච තැන .දැන් අලුත් කාලයේ කට්ටිය මොනවා හිතුවත් හරියට ෆැෂන් කරලා ලස්සන fashionable life එකක් ගත කරේ ඒ කාලේ ශ්‍රී ලාංකිකයා .ඒ මේ දැන් අලුත් ඉන්න අලුත් පරම්පරාව නෙමෙයි .ඇයි මං එහෙම කියන්නේ හේතු සාධක තියෙනවා .දැන් අපේ කට්ටිය කොච්චර ලස්සනට ඉන්න හැදුවත් ඒකට කොච්චර වියදම් කරත් .ඒ කාලේ හිටපු අපේ අම්මලා මුළු ගෙදරම හොඳ fashionable ජීවිතයක් ගතකෙරෙව්වවා.දැනෙන ඉන්න පරම්පරාවට අදික රුධිර පීඩනය ,නින්ද නොයාම ,අධික ලෙස තරහ යෑම ,පිළිකා ඔය වගේ තව ගොඩක් දේවල් තියෙනවා ඊටත් වඩා භයානක ප්‍රශ්නය මේ තියෙන ප්‍රශ්ණ වලට බොන බෙහෙත් ඇඟට අල්ලන්නේ නෑ,අපේ ආච්චිලාගේ බාසාවෙන් කියනව නං ,පුතේ ඕව ඇඟට පත්තියන් වෙන් නෑ ,,විද්‍යාත්මකව කියනවනං anti resist ''සුපර් බග්'' ලෙස හැඳින්වෙන මෙතිසිලින් රෙසිස්ටන්ට් (MRSA)
හරි දැන් මේ ඔක්කොම කතන්දරයේ කියලා ඉවරයිනේ උත්තරයකුත් තියෙන්න ඕනෙනේද ? උත්තරය ෆැෂන් එහෙමත් නැත්නම් වැල් දොඩම් මං අර කලින් කියපු හැම ප්‍රශ්නෙකටම උත්තරය ෆැෂන් .වැල් දොඩම් ගහේ තියෙන මහා අනර්ඝ ගුණය සහ ශක්තිය ඒ කාලේ අපේ ගෙවල් වල fashionable ලයිෆ් එක ගොඩේ ගොඩ දැම්මා .
අපි ආපසු ඒ ෆැෂනබල් ලයිෆ් එකට යමු,ඔය වැටට හිටවලා තියෙන නොයෙකුත් විකාර අරුමෝසම් පිටරටවල් වලින් ගෙන ආපු අපිට වත් රටට වත් වැඩක් නැති ගස් අයින් කරමු.අදම හිටවගමු හොද වැල්දොඩම් වැලක්.
වැල්දොඩම් වැල්වල හැමදාම වගේ පල හට ගැනීම සිදු නොවුනත් දවස් තුන්සිය හැට පහේම සරු සාරෙට කොළ නම් වරදින්නේ නැහැ.. නැති පලදාවකට අඬමින් නොයිඳ තියෙන කොලෙන් පවුලේම සෞක්‍යය රැක ගැනීමට අදම අතගහමු.
එදා උදවිය කලවම් පලා හෝ තනිවම මැල්ලුමට නැතහොත් ලපටි කොළ සම්බෝලයට හැදීමෙන් ආහාර වේලට ලබා දිය හැකි රසය පමණක් නොව එහි ඇති ගුණ ගැනත් ඔවුන්ට මනා දැනුමක් තිබුනා යයි කිවොත් නිවැරදියි.
වැල්දොඩම් කොලයේ ඇති ප්‍රධානම ගුණාංගය ලෙස කියවෙන්නේ රුධිර පීඩනය සහ රුධිරගත කොලෙස්ටරෝල් ස්වභාවිකව අඩු කිරීමේ හැකියාවයි. මේ සමඟ කරට කර යන වසංගතයක් හා සමාන දියවැඩියාව වැළක්වීමේ හැකියාවෙන්ද පැෂන් කොලය සිටින්නේ ඉදිරියෙන්. අඩුගනනේ සතියකට වතාවක්වත් පැෂන් කොළ ආහාරයට එකතු කර ගැනීමෙන් මේ රෝග දෙකෙන්ම වැලකි සිටීමට ඔබට හැකි වේවි.
වැල් දොඩම් ගැන කියන්න ගත්තොත් තව කියල ඉවර කරන්න බැරි තරම් ගොඩක් විස්තර තියනවා .අර මම ලිපියේ මුලදී සඳහන් කරපු නින්ද නොයාම ,අධික රුධිර පීඩනය ,මානසික අසහනය ,ස්ට්‍රෙස් එක ,අමතක වීම ,පිළිකා ඔය ඔක්කොම ලෙඩ රෝග වලට විසඳුම තියෙන්නෙ අද ඉදන් අපි වැටට හිටෝන වැල්දොඩම් වැලේ කියල නම් අමතක කරන්න එපා .
මේක වගා කරන්න අවශ්‍ය තාක්ෂණය මහා පරිමාණයෙන් කිරීමේදී නම් උපදෙස් ලබාගත ලබා ගත යුතුව තියෙනවා ,අපි ඒ ගැන පස්සේ කතා කරමු අද මගේ ලිපියේ අරමුණ වුණේ හැම ගෙදරක ම වැල්දොඩම් වැලක් කියන තේමාවයි .
ගසට වැළඳෙන ලෙඩ රෝග ගැන කතා කළොත් වැල අවට පසෙහි තෙතමන ආරක්ෂා කර ගැනීම සඳහා කොහුබත් වියළි තණ කොළ ආදිය යොදා ගැනීමට හැකියාව තිබේ. මේ නිසා වැල අවට හැකි පමණ තෙතමනය රඳා පවතින ද්‍රව්‍යය යොදා ගත යුතු වේ. ජල හානිය ඉතාමත් පරික්ෂාකාරීව සිදු කරනවා මෙන්ම කෘමි හානි පිළිබඳ ද අවබෝධයක් තිබිය යුතුය. කූඩිත්තා වැල් දොඩම් ශාකයේ යුෂ උරා බොන අතර ශාකයට හානි කරයි. මේ සඳහා ග්රිඩීසියා ,පොඩිසිඤ්ඤො , වතු පාළු වැනි වැල් වර්ග යොදන්න. මේ නිසා කූඩිත්තන්ගේ පැමිණී වළක්වා ගැනීමට අවස්ථාව ලැබේ. කෘමි උවදුරු හැරුණු විට වැල් දොඩම් විචිත්‍ර වෛරස් රෝගය ද වැල් දොඩම් වගාවට හානි ඇති කරයි.
ඉතින් ඔබ සැමට ෆැෂනබල් ලයිෆ් එකක් සහ ගෙදර වැටට ෆැෂනබල් වැලක්.
තෙරුවන්ගේ සරණයි
උදිත් නිරෝෂන කුලසූරිය

Comments

Popular Posts